The Sri Saddhamma comprehended 2605 years ago, by our Supreme Buddha, dispensed for the benefit of gods and humans.

With the invitation of brahma Sahampathi, our Supreme Buddha turned the wheel of Dhamma at Isipathana Migadaya, in Varanasi.

The most fortunate one, please preach the most precious Dhamma. There are people in this world with less defilements. They will definitely deteriorate in value, if they don’t get the opportunity to listen to this precious Dhamma. With that invitation from the Brahma, the Supreme Buddha dispensed first Dhamma sermon convulsing ten thousand worlds. From that moment, there was an immense radiance to Gautama Buddha Sasana because of the appearance of great meritorious beings. With the great concept, “May this precious Dhamma be widespread in this world” Mahamevnawa Meditation Monastery was inaugurated in Polgahawela by the most venerable Kiribathgoda Gnanananda Thero, 17 years ago.

The Supreme Buddha’s majesty is marvelous. Illustrating the true words of Lord Buddha, “Oh bhikkus, this sasana of mine, will shine only when it is open, not when closed”; the pure Dhamma was widespread, not only in Sri Lanka, but also in many countries throughout the world.

The Adelaide Mahamevnawa Meditation Monastery, founded one year ago, with the guidance of most venerable Kiribathgoda Gnanananda Thero, is a fountain to quench thirst of Dhamma, filled with noble friends.

Providing ultimate benefit to so many devotees, our most venerable Kiribathgoda Gnanananda Thero will conduct a series of Dhamma Programs on 11th, 12th and 13th of November, in Adelaide.

We invite all devotees with mettha, who are fond of merits.

මින්වසර 2605 කට පමණ පෙර අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදහළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දෙවි – මිනිසුන්ගේ හිතසුව පිණිස දේශණා කළසේක.

සහම්පතී බ්‍රහ්ම රාජයාගේ ඇරයුමින් ඉසිපතන මිගදායේදී උතුම් ධර්ම චක්‍රය කරකවන ලදී

” භාග්‍යවතුන් වහන්ස, ඒ උතුම් ධර්මය දේශණා කරන සේක්වා.අල්පවූ කෙලෙස් ඇති සත්වයන් ලොව සිටියි .ඔවුනට මේ උතුම් දහම අසන්නට නොලැබීමෙන් පිරිහීයනු ඇත.”ඒ බ්‍රහ්ම අයාචනයෙන් පසු ප්‍රථම දහම් දෙසුම දස සහසක් ලෝක ධාතුවම කම්පා කරමින් අපගේ ධර්මස්වාමී ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළසේක.එතැන් පටන් ගෞතම බුදුසසුන මහා පුණ්‍යවන්තයන්ගෙන් බැබලෙන්නට විය. ගෞතම බුදු සසුන ලොව පුරා ප්‍රචලිත වේවා යන උතුම් පුණ්‍ය සංකල්පයට පෙරදැරිව මහමෙව්නාව නම් වූ පුණ්‍ය ආයතනය මීට වසර 17 කට පෙර පොල්ගහවෙලදී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ආරම්භ කරනලදී.

බුද්ධානුභාවය අසිරිමත්ය පින්වත් මහණෙනි මාගේ ශාසනය විවෘත වූයේම බබළයි, විවෘත නොවූයේ නොමබබළයි යන බුදු සදනේ සත්‍ය ලොවට විදහා පාමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර වල පවා නිර්මල ධර්මය ඇසෙන්නට විය.

මින් වසරකට ඉහතදී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද ඇඩිලේඩ් මහමෙව්නාව භාවනා අසපුව උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබා දෙන අමා පැන්තොටක්වී ඇත.

මෙසේ බොහෝ පින්වතුන් හට අප්‍රමාණ යහපතක් උදා කිරීමෙහිලා පුරෝගාමී වූ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන සදහම් වැඩසටහන් මාලාව 2016 නොවැම්බර් 11, 12, සහ 13 යන දිනයන්හී ඇඩිලේඩ් නුවරදී පැවැත්වේ.

පින් කැමති සියළු දෙනා හට මෙත් සිතින් ඇරයුම් කර සිටිමු…..